රටේ දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්ක ජයගත හැකිවන්නේ ග්‍රාමීය නිෂ්පාදන ඉහලනැන්වීම තුලින් පමණක් බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිල පවසයි

ඒ අද (19) දින රත්නපුර, පැල්මඩුල්ල ප්‍රදේශයේ පැවති ප්‍රජා ශක්ති, ප්‍රජා සංවර්ධන සභා සභාපතිවරු හා ලේකම්වරු දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ තවද 76 වසරක පාලන ක්‍රමය වෙනස් කරමින් ජනතාව ජාතික ජන බලවේගයට බලය ලබා දුන්නේ සැබෑ සමාජ පරිවර්තණයක් අපේක්ෂාවෙන් බවත් එම ජනතා අභිලාෂය ඉටු කිරීමට සියළුදෙනා කැපවිය යුතු බවය.

එසේම රජය ලබාගත් ආර්ථික ජයග්‍රහණයන්ගේ ප්‍රතිලාභ ජනතාවට ගලායාමට වැඩසටහන් සකස්කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.