ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් පසුගිය දින (10) කොළඹදී පැවැත්විණි.

එහිදී අනාවරණය වූයේ, මෙම ජාතික මෙහෙයුම ආරම්භ වීමෙන් පසු පුනරුත්ථාපන කාර්යාංශය වෙත ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය සඳහා යොමුවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 28%කින් ඉහළ ගොස් ඇති බවයි.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදීමට සහාය අවශ්‍ය පුද්ගලයින්ට 076 962 7761 දුරකථන අංකය ඔස්සේ පුනරුත්ථාපන කාර්යාංශය හා සම්බන්ධ විය හැකි බව ද නිලධාරීහු සඳහන් කළහ.

එමෙන්ම, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් 2026 ජනවාරි සිට මේ දක්වා උපදේශන සේවා 18,901ක් ලබාදී ඇති අතර, පුද්ගලයින් 4,652ක් ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. මත්ද්‍රව්‍ය නිවාරණය හා උපදේශන සේවා සඳහා 1927 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ ද මහජනතාවට සේවාවන් ලබාගත හැකි බව ද එහිදී ප්‍රකාශ කෙරිණි.