“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ ඊයේ (10) දිනයේදී මත්ද්‍රව්‍ය වැටලීම් 1066 ක් පොලිසිය විසින් සිදු කර තිබෙනවා.

එම වැටලීම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 1060 කින්, 24 දෙනෙක් පුනරුත්ථාපනයට යොමු කර තිබේ.

හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 347 කින් හෙරොයින් ග්‍රෑම් 732 ක් ද, අයිස් මත්ද්‍රව්‍ය සොයා සිදු කළ වැටලීම් 377 ක් අතරින් ග්‍රෑම් 583 ක් සොයාගෙන ඇත.

මීට අමතරව, වැටලීම් 269 කින් ගංජා කි‍ලෝග්‍රෑම් 02 යි ග්‍රෑම් 160 ක් හා ගංජා පැළ 18 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.