මේ මාසය අවසන් වීමට පෙර බස් රථ ප්‍රවේශපත්‍ර සඳහා කාඩ්පත්වලින් ගෙවීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
ඒ අනුව, බස් ඩිපෝ 107 න් සැලකිය යුතු ප්‍රමාණයක බස් රථ අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කර ඇති බව අද (11) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
මෑත කාලයේදී බස් රථ 173 ක් නැවත අලුත්වැඩියා කර සේවයට යොදවා තිබෙන අතර අලුත්වැඩියා කිරීමේ කටයුතු 2026 මැයි මාසයට පෙර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.





