‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (15) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 924 ක් සිදු කර තිබේ.
එම වැටලීම්වලදී සැකකරුවන් 918 ක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය ප්‍රකාශ කරන ලදී.
හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 322 කින් හෙරොයින් ග්‍රෑම් 402 ක්ද , අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 311 ක් අතරින් අයිස් ග්‍රෑම් 361 ක්ද සොයාගෙන ඇත.
මීට අමතරව, වැටලීම් 204 කින් ගංජා කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 143 ක් හා ගංජා පැළ 18,180 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.
අදාළ සම්පූර්ණ වාර්තාව පහතින් දක්වා ඇත.






