‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ, පොලිසිය විසින් ඊයේ (05) දිනයේ මත්ද්‍රව්‍ය වැටලීම් 794 ක් සිදු කර ඇත.

එම වැටලීම්වලදී සැකකරුවන් 801 ක් අත්අඩංගුවටද , පුද්ගලයින් 09 ක් පුනරුත්ථාපනයටද යොමු කළ බව පොලීසිය ප්‍රකාශ කරණ ලදී.

හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 251 කින් හෙරොයින් ග්‍රෑම් 349 ක්ද , අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා සිදු කළ වැටලීම් 315 ක්ද අතරින් අයිස් ග්‍රෑම් 470 ක්ද සොයාගෙන ඇති බව සඳහන් වේ.

මීට අමතරව, වැටලීම් 172 කින් ගංජා ග්‍රෑම් 861 ක්ද හා ගංජා පැළ 06 ක්ද සොයාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

අදාළ සම්පූර්ණ වාර්තාව පහතින් දක්වා ඇත.