එන්ජිම අක්‍රීය වීම හේතුවෙන් මුහුදේ ආපදාවට ලක් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගලවා ගැනීමේ ටග් යාත්‍රා හතරක් යොදා ගනිමින් හම්බන්තොට ජාත්‍යන්තර වරාය වෙත රැගෙන විත් ආරක්ෂිතව නැංගුරම් ගත කර තිබේ.
හම්බන්තොට වරායේ සිට නාවික සැතපුම් 12ක් පමණ දුරකදී සයිප්‍රස් ධජය යටතේ යාත්‍රා කළ MV AAL Gibraltar නෞකාව මෙලෙස ආපදාවට ලක්ව ඇත. මීටර් 159.99ක දිගකින් යුත් එම නෞකාව භාණ්ඩ ටොන් 23,000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් සිටියදී එන්ජිම අක්‍රීය වීම නිසා යාත්‍රා කිරීමට නොහැකි වූ බව සඳහන් වේ.
නෞකාව වරායට ඇදගෙන ඒම සඳහා වෙළඳ නාවික අධ්යක්ෂ ජනරාල්වරයාගේ, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහ වරාය ප්‍රධානියාගේ නිර්දේශ ලබාගෙන ඇති බව වාර්තා වේ. මේ වන විට නෞකාවේ අලුත්වැඩියා කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සේවා සහ පහසුකම් හම්බන්තොට වරාය මඟින් සපයා දී ඇති අතර, අලුත්වැඩියා කටයුතුද ආරම්භ කර ඇති බව සඳහන් වේ.





