ඉන්දුනීසියාවේ බොගෝර් ප්‍රදේශයේ පිහිටි නීතිවිරෝධී රන් පතලක් ජලයෙන් යටවීමෙන් එහි සිටි පුද්ගලයින් 13 දෙනකු මියගොස් ඇති බව සඳහන් වේ.
තවත් පුද්ගලයින් 13 දෙනකු පතල තුළ සිරවී ඇති අතර, ඔවුන් මුදා ගැනීම සඳහා මුදාගැනීමේ කණ්ඩායම් උත්සාහ කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ රන් පතල තුළට ජලය ගලා ඒමෙන් මෙම අනතුර සිදු වූ බව වාර්තා වේ. ජලය ගලා ඒමට පටන් ගත් අවස්ථාවේ පතලේ සිටි කම්කරුවන් කිහිප දෙනකු දිවි බේරාගෙන ඇති බවද සඳහන් වේ.





