පාඨලී චම්පික රණවක

අනුර හරිනි ආණ්ඩුවේ පළමු දඩයම හැටියට හිටපු අමාත්‍ය අනුර යාපා මැතිතුමාත්, එම මැතිණියත් අත්අඩංගුවට අරන් තියෙනවා. මේ ඇත්තෝ බලයට ආවේ, අර්ජුන මහේන්ද්‍රන් අල්ලනවා කියලා. බැඳුම්කර වංචාවට වහාම පිළිතුරු දෙනවා කියලා. දෙදාස් විසි දෙකේ ආර්ථික අර්බුදයට වගකිවයුතු පිරිසකට, මානව හිමිකම් කඩවීමේ චෝදනාවක් මත දඬුවම් දුන්නා උසාවියෙන්. අපි හිතුවේ අපරාධ නඩු පනවලා ඒ පිළිබඳව බලගතු විමර්ශනයක් කරයි කියලා. අපි හිතුවේ ඊ වීසා වංචාවෙන් කෝටි තුන්සිය විස්සක් රටට අහිමි කරපු දේශපාලකයින්ට, නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුව පියවර ගනී කියලා. ඒ කිසිවක් නැතුව, අනුර යාපා මහත්මයා හා එම මැතිණිය, දඩයම් කිරීමට උත්සාහ කිරීම පිටිපස්සේ තියෙන්නේ දේශපාලනය. සංවිධානාත්මක විපක්ෂයකට තියෙන බය, හාල් ඇටයක්, පොල් ගෙඩියක්, බෙහෙත් ටිකක් දෙන්න බැරිකම, ඒ වගේම තෙල් බද්ද අඩු කරගන්න, ලයිට් බද්ද අඩු කරගන්න, පැකිළි පැකිළි සිටි ගොත ගගහ ඉන්න ඒ වගේම කෙඳිරි ගගා ඉන්න ආණ්ඩුවක් දැන් හදන්නේ මේ වගේ ක්‍රියාවලින් හරහා ජනප්‍රිය වෙන්න.

පාඨලී චම්පික රණවක අනුර යාපා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>