මහජනතාව සමඟ සමීප, සුහද සහ ගෞරවාන්විත සබඳතාවක් පවත්වාගෙන යන පොලිස් සේවයක් නිර්මාණය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසය.

ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සැමරුම නිමිත්තෙන් තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී ඊයේ (04) පැවති උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

බොහෝ පොලිස් නිලධාරීන් මහජනතාව සමඟ ඉතා හොඳ මානුෂීය සබඳතාවක් පවත්වාගෙන යාමට සමත්ව සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත්, ඔහු සඳහන් කරන ලද්දේ ඇතැම් අවස්ථාවලදී මහජනතාව සමඟ කටයුතු කිරීමේදී පොලිසිය කෙරෙහි විරෝධාත්මක මනෝභාවයක් ඇතිවන අවස්ථා දක්නට ලැබෙන බවය.

පැය 12ක් හෝ 18ක් වැනි දීර්ඝ කාලයක් රාජකාරියේ නිරතවීම හේතුවෙන් පොලිස් නිලධාරීන් මානසික ආතතියට පත්විය හැකි බව පිළිගත් ජනාධිපතිවරයා, එම ආතතිය මහජනතාව වෙත ප්‍රකාශ නොකිරීම වැදගත් බව අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>