ශ්‍රී ලංකා පොලීසියේ 160 වැනි සැමරුම ඊයේ (04) දින තිඹිරිගස්යාය ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී පැවැත් වුණු අතර ඒ සඳහා ජනපති අනුර කුමාර දිසානායකද සහභාගී විය.
මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලද්දේ මත්ද්‍රව්‍ය සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීම වර්තමානයේ ශ්‍රී ලංකා පොලීසිය සතු ප්‍රමුඛතම රාජකාරිය බවය.
රථවාහන තදබදය පාලනය කිරීම සහ මහජනතාව රැස්වන ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම වැනි කාර්යයන් ද පොලීසියට පැවරී ඇති නමුත්, ඒ සියල්ලට වඩා මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ මැඩලීම ප්රමුඛත්වයෙන් සැලකිය යුතු බව ඔහු අවධාරණය කළේය.
සන්නද්ධ අපරාධ කල්ලි මැඩපැවැත්වීම සහ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය නතර කිරීම පොලිස් නිලධාරීන්ගේ රාජකාරියක් පමණක් නොව සමාජ වගකීමක්ද වග ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





