ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මැයි 01 දින ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මැයි රැලියේදී අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍යය හා සාධාරණය ඉටු කිරීමට රජය දැඩිව කටයුතු කරන බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ යටගසා මහමොළකරුවන් හංගා තිබූ නමුත් රජය විසින් ජනතාවට දුන් පොරොන්දුව අනුව පරීක්ෂණ නීත්‍යානුකූල ක්‍රමවේදයට අනුව විධිමත්ව ඉදිරියට ගෙනයනු ලබන බව ඔහු සඳහන් කරන ලදී.

අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, පරීක්ෂණය නිවැරදිව සිදුකරමින් වගකිව යුතු පුද්ගලයන්ට උපරිම නීතියේ දඬුවම් ලබාදීමට රජය කැපවී ඇති බවයි.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>