කුරුණෑගල සාමෝදය විද්‍යාලයේ නව තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සහ ශ්‍රවණාගාරය සිසුන්ට භාරදීමේ උත්සවය අද (05) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඇය අවධාරණය කරන ලද්දේ, පාසල යනු දරුවන්ට දැනුම ලබාදෙන තැනක් පමණක් නොව, ආරක්ෂාව, සෙනෙහස සහ ආදරය පිරුණු පරිසරයක් විය යුතු බවය.

දරුවන් තම ජීවිතයේ වැඩිම කාලය ගත කරන්නේ පාසලේ බැවින්, එය සුරක්ෂිත හා ආදරණීය අවකාශයක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය බවත් ඇය පැවසීය.

මෙම නව ගොඩනැගිල්ල සහ ශ්‍රවණාගාරය රුපියල් මිලියන 41ක වියදමින් මාස 07ක කෙටි කාලයකින් ඉදිකර අවසන් කර සිසුන්ට භාවිතයට ලබාදුන් බවත්, එය විශාල ජයග්‍රහණයක් බවත් අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළාය. උත්සව අවස්ථාව සනිටුහන් කරමින් ඇය විසින් පාසල් භූමියේ නා පැළයක් ද රෝපණය කරන ලදී.