අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ, ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතෙන් නිල නිවාස, වැන්දඹු විශ්‍රාම වැටුප, ලේකම් දීමනාව වැනි වරප්‍රසාද අහෝසි වන බවයි.

එහෙත්, ජනාධිපතිවරුන්ට හිමි විශ්‍රාම වැටුපට කිසිම වෙනසක් සිදු නොවන අතර, ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය වරප්‍රසාදයක් නිසා සංශෝධනයක් සිදු කරන අවස්ථාවක පමණක් සලකා බැලිය හැකි බවද ඔහු පැවසීය.

මේ පනත මගින් ජනතාවගේ බදු මුදල් අවභාවිතා කිරීම අවසන් කරමින්, ආණ්ඩුව මැතිවරණ පොරොන්දුවක් ඉටු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.