විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස තමන්ට වඩා ඉහළට යන හෝ නැඟී සිටින කිසිවකුට කිසිදු අවස්ථාවක ඉඩ ලබා නොදෙන බවත්, එමඟින් විපක්ෂයේ දක්ෂ හා හැකියාවන් ඇති පිරිස්වලට ඉදිරියට පැමිණීමට ඇති ඉඩකඩ ඇහිරී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, දිවංගත හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් පැමිණි අවස්ථාවේදී, ඕනෑම අයකුට හිසට උඩින් පියාඹා යෑමට ඉඩ දුන්නද හිස මත කූඩු තැනීමට ඉඩ නොදෙන බවට ඔහු කළ ප්‍රකාශය සිහිපත් කරමින්, සජිත් ප්‍රේමදාසද එම පියාගේම පුත්‍රයා බවයි.
ඒ අනුව, දිලිප්, හර්ෂ සහ ගයන්ත වැනි දක්ෂතා, හැකියාවන් සහ ලෙන්ගතුකම ඇති පිරිස්වලට ඉදිරියට පැමිණ නැඟී සිටීමට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ කිසිදු ඉඩක් නොලැබෙන බව නිහාල් ගලප්පත්ති මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

