2026 දෙසැම්බර් මාසයේ සිට ගුවන් සමාගම් දෙකක් ශ්රී ලංකාව වෙත ගුවන් සේවා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.
ඒ අනුව ප්රංශයේ French bee ගුවන් සේවය 2026 දෙසැම්බර් 19 වැනිදා සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත සතියකට දෙවරක් ගුවන් ගමන් ක්රියාත්මක කිරීමට නියමිතව ඇත.
එසේම රුසියාවේ S7 ගුවන් සමාගම ද 2026 දෙසැම්බර් 20 වැනිදා සිට සර්බියාවේ සිට කොළඹ දක්වා සතියකට දෙවරක් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.


