පා. ම. නාලක ගොඩහේවා

පාර්ලිමේන්තු මැතිවරණය කැඳවා ගන්නට තියෙන එකම ක්‍රමවේදය තමයි පාර්ලිමේන්තුවේ එකසිය දහතුන් දෙනෙකුට වැඩි පිරිසක් එකට එකතුවෙලා ඡන්දයක් ඉල්ලීම.

එසේ කිරීමට පොදුජන පෙරමුණට මේ වෙලාවේ එකසිය දහතුන් දෙනෙක් එකතු කරගන්න බැරි බවත්, ඔවුන්ගේ කණ්ඩායම තුළ සිටින ඇමතිකම් දරන අය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිටින නිසා ඔවුන් එයට අත උස්සන්නේ නැති බවත් මේ වනවිට පැහැදිලියි. එහෙමනම් මුලින් එන්නේ ජනාධිපතිවරණය.

පහුගිය කාලේ පොහොට්ටුව සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්මයට යට වෙලා හිටියේ. රනිල් මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා පවා පාර්ලිමේන්තුව තුල විහිළුවකට ගන්නා ආකාරය අපි දැක්කා. තමුන් තනිව ස්වාධීනව නැගිටින්නේ නැතුව වෙනත් පක්ෂයක නායකයෙක් යටතේ ගොඩගන්නට කිසිම පක්ෂයකට හැකියාවක් නැහැ.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>