අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර පැවති ත්‍රිපාර්ශ්වික හමුවෙන් අනතුරුව ලෝක නායකයන් තිදෙනා විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උපායමාර්ගික ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පාර්ශ්වයන් කැප විය යුතු බව එම නායකයන් තිදෙනා පෙන්වා දී තිබේ. එමෙන්ම, න්‍යෂ්ටික යුද්ධයක් කිසිදා ඇති නොවිය යුතු බවට එහිදී එකඟතාව පළ වී ඇති අතර, ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) ක්රියාකාරීත්වයද මෙම ඒකාබද්ධ නිවේදනය මඟින් විවේචනය කර ඇති බව වාර්තා කර ඇත.
කෙසේ වුවද, ලෝක බලවතුන් තිදෙනාගේ මෙම හමුව සම්බන්ධයෙන් අමෙරිකානු දේශපාලන ක්ෂේත්රයෙන් විවේචන එල්ල වෙමින් පවතින බව සඳහන් වේ. අමෙරිකානු ජනාධිපතිවරයා සහභාගී වූ මෙම හමුව කිසිදු පැහැදිලි න්‍යාය පත්‍රයකින් හෝ ප්‍රායෝගික ප්‍රතිඵලයකින් තොරව, හුදෙක් මාධ්‍ය සංදර්ශන සහ ඡායාරූපවලට පමණක් සීමා වූවක් බව විවේචකයන් පෙන්වා දී තිබේ.
ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සමගාමීව පැවති මෙම හමුව, ලෝක බලවතුන් තිදෙනකු එකම මේසයකට පැමිණි සුවිශේෂී අවස්ථාවක් ලෙස විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ.



