නිකවැරටිය ප්‍රදේශයේ ඉදි කරන ලද පැයට කිලෝ 1500ක ධාරිතාවකින් යුත් නවතම බිත්තර වී පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කිරීම ඊයේ (10) දින සිදුවිය.
මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් ගොවීන්ගේ සම්ප්‍රදායික ක්‍රමවලින් නව තාක්ෂණික ක්‍රමවලට ගිය වෙනස පිළිබඳව විශේෂයෙන් අවධාරණය කරන ලදී.
අමාත්‍යවරයා සඳහන් කරන ලද්දේ සමුපකාර ව්‍යාපාරය මගින් ගොවීන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම, වෙළඳ පොළට ගෙන යාම සහ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම උදෙසා රජය විශාල ආධාර ලබා දෙන බවයි.
එසේම මෙම වසරේ මිලියන 100ක ආධාරයක් මධ්‍යම රජය සමුපකාර ව්‍යාපාරවලට ලබා දීමට යෝජනා කර ඇති බවද ,
ඉදිරියේදී සමුපකාර නීති සංශෝධනය කරමින්, ගොවීන්ගේ ආර්ථික දුෂ්කරතා අඩු කිරීම සහ නව නිෂ්පාදන වෙළඳ පොළට ගෙන යාම සඳහා ණය පහසුකම් ලබා දීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කරන ලදී.
අමාත්‍යාවරයා සිදු කළ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාව හරහා නරඹන්න.>>>>>>>





