”ගොවි ජන ජීවිතය හදලා රටේ ආර්ථිකය හැදුවොත් අපේ රටේ ප්‍රශ්නවලින් 80%ක්ම ඉවර වෙනවා. ඒ සඳහා ඔබ අපිට මේ යුතුකම් ටික ඉෂ්ට කරලා දෙන්න. දේශපාලන ස්ථාවරත්වය නැති කරන්න ඉඩදෙන්න එපා. ජාතිවාදයට ඉඩදෙන්න එපා…”
අමාත්‍ය ලාල් කාන්ත මෙසේ තම අදහස් පළ කරන ලද්දේ ඊයේ (13) දින පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්තිය යටතේ වාරි මහිම අපේ උරුමය වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ අල්ල – මාවිල්ආරු ගොවි ව්‍යාපාරය නැවත ගොඩනැඟීමේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.
අල්ල ව්‍යාපාරය ගොවි සංවිධාන 41කින් සමන්විත සියලු ජන වර්ගවල සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන මෙය අක්කර 25,000ක පමණ වගා වපසරියක් තුළ විසිර පවතින ගොවි ව්‍යාපාරයකි.
පසුගිය සමයේදී මෙම ව්‍යාපාරය කෙරෙහි නිසි අවධානයක් යොමු නොවූ අතර දිට්වා සුළි කුණාටුව හේතුවෙන්ද මෙයට විශාල හානියක් සිදු විය.
ඒ අනුව මෙය මාස 18ක් වැනි කාලයක් තුළ නැවත ගොඩනැගීම සඳහා ඇස්තමේන්තු ගත කර ඇත.







