විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට එරෙහිව සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය දක්වන විරෝධය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් නිලුක්ෂ මහතා අදහස් දක්වා තිබේ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කර එහි මහ මොළකරුවන් නීතිය හමුවට පැමිණවීමේ නඩු කටයුතු අවසන් අදියරට පැමිණ ඇති මොහොතක, විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරුද්ධ වන්නේ මන්දැයි මෙහිදී ප්‍රශ්න කෙරිණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බලයට පත්වන තුරු නොසිට, වත්මන් විපක්ෂ නායකවරයා ලෙස පාස්කු ප්‍රහාරයේ නඩු විභාග කඩිනම් කිරීමට සහ අවශ්‍ය නම් විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කර හෝ දිනපතා නඩු අසා වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට ආණ්ඩුවට බලපෑම් කළ යුතු බව පෙන්වා දෙන ලදී.

රට ආර්ථික වශයෙන් බංකොලොත් කළ, දූෂණ හා වංචාවල නිරත වූ සියලු දෙනාගේ නඩු කටයුතු කඩිනම් කිරීමට බලපෑම් කිරීම වෙනුවට, විපක්ෂය විසින් දූෂිතයින් සහ වංචනිකයින් ආරක්ෂා කිරීමේ ක්‍රියාකලාපයක නිරත වන බවටද මෙහිදී දැඩි චෝදනා එල්ල විය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>