ප්‍රජා ශක්ති – දිළිඳු බව තුරන් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව, ග්‍රාමසේවා වසම් මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා පොළොන්නරුව, නව නගර පුලතිසි චන්ද්‍රමණ්ඩප ශාලාවේදී පසුගියදා පැවැත්විය.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජනතාවට උරුමකර දීමේ සංවර්ධන ක්‍රියාවලියට ප්‍රජා සංවර්ධන නියෝජිතයන්ගේ වගකීම හා කාර්යභාරය පිළිබඳව එහිදී දැනුවත් කිරීම් සිදු කළ අතර විශේෂයෙන් ග්‍රාමීය සංවර්ධන ක්‍රියාවලිය විදිමත් කිරීම හා වේගවත් කිරීම සඳහා ප්‍රජා සංවර්ධන සභාවට විශේෂ වගකීමක් පැවරෙන බවද එහිදී අවධාරණය කරන ලදී.
ප්‍රජා ශක්ති වැඩසටහන තුලින් ජන සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශයක් හඳුන්වාදී තිබෙන බව එහිදී අදහස් දක්වමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේය.
එමෙන්ම ග්‍රාමීය ආර්ථිකය ප්‍රසාරණය කිරීම සඳහා නිෂ්පාදන ඉහල දැමිය යුතු බව හා ඒ තුලින් සංවර්ධන ඉලක්ක ජයග්‍රහණය කිරීමත්, දිළිඳුකම තුරන් කිරීමටත් හැකියාව ලැබෙන බව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.






