අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛය නිකුත් කළේ දරුවන්ට ඇතිවන පීඩනය අවම කිරීමට බවයි. එම චක්‍රලේඛය වෙනස් කළ නොහැකි බවත් ඇය පැවැසීය.

නව නීති රීති හේතුවෙන් ගුරුවරුන්ට අසාධාරණයක් සිදුවෙන බව පවසමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කළ ගුරුවරුන් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන්ගේ සත්‍යග්‍රහය අවසන් කර ඇත.