ත්‍රිකුණාමලයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඒ අනුව 11.40 ට ත්‍රිකුණාමලයේ අදාළ පොලිස් ස්ථානය විසින් මෙම බුදු පිළිමය පොලීසියට වැඩම කිරීම පිළිබඳව සටහනක් තිබෙන බව සහ එහි ආරක්ෂාව සඳහා සිදුකර ඇති බවට සටහන් කර ඇති බව අද (18) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.
2014 වසරේ මෙය විහාරස්ථානයක් ලෙස හැඳින්වුවද මෙය මෑත කාලයේ ආපන ශාලාවක් ලෙස භාවිතා වී ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.
ආපන ශාලාවේ ඉදිකිරීම් පිළිබඳව ප්‍රශ්නයක් පැන නැගීමෙන් අනතුරුව, එම ආපන ශාලාවේ නීතිවිරෝධී ඉදිකිරීම් තිබෙන බවට වෙරළ සංරක්ෂණ අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා නියෝගයක් ලබාදී තිබූ අතර එම නියෝගයට විරුද්ධව අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
අනතුරුව, නාගරික සංවර්ධන අධිකාරිය සමග පැවති සාකච්ඡාවකදී තවත් සතියක කාලයක් ලබාදෙන ලෙස ස්වාමීන් වහන්සේ ඉල්ලා තිබූ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.
එම සතියක කාලය පසුගිය 14 වැනිදා අවසන් වූ අතර, අදාළ සිදුවීම 16 වැනිදා පැන නැගු අවස්ථාවේදී මෙහි විහාරස්ථානයක් තිබෙන්නට ඇති බවට ජනතාව සිතිය හැකි ආකාරයේ ආගමික වතාවත් සිදු වී නොමැත.
මෙම සිදුවීමෙන් අනතුරුව දිසාපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මැනීම් කටයුතු සිදු කිරීමටද, අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන ඉදිකිරීම් ඉවත් නොකරන ලෙසද, අලුත් ඉදිකිරීම් සිදු නොකරන ලෙසද අධිකරණය නියෝග කර ඇති බවට ජනාධිපති සඳහන් කළේය.



