සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා සම්පූර්ණයෙන්ම නිදහස් කර ඇති බවත්, ඔහු ඉදිරියේදී දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මඟපෙන්වීම සහ අමාත්‍යවරයාගේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මත මෙම නිදහස් කිරීම සිදුව ඇත.
පසුගිය 2026 සැප්තැම්බර් 17 වන දින ෆේස්බුක් ප්‍රකාශයක් මුල් කරගනිමින් සෞදි අභියාචනා අධිකරණයක් විසින් අනෝජන් සිවරාසා වෙත මරණ දඬුවම නියම කරනු ලැබීය.
කෙසේ වෙතත්, රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ගත් උත්සාහයන් හේතුවෙන් ඔක්තෝම්බර් 14 වන දින එම මරණ දඬුවම අහෝසි කරගත් අතර, සෙසු දඬුවම්වලින්ද ඔහු මුදාගැනීමේ අරමුණින් අඛණ්ඩව කටයුතු කෙරිණි.
ඒ අනුව, සෞදි අරාබියේ අභිචෝදක කාර්යාලය විසින් මෙම නඩු කටයුතු තවදුරටත් ඉදිරියට නොගැනීමට පසුගිය නොවැම්බර් 09 වන දින තීරණය කිරීමත් සමඟ ඔහු මෙලෙස නිදහස් වී ඇත.
මේ අතර, සිය පුත්‍රයා මුදාගැනීම සඳහා සහාය වූ ජනාධිපතිවරයාට, විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ අදාළ සියලු රාජ්‍ය ආයතනවලට ස්තුතිය පළ කිරීම සඳහා අනෝජන් සිවරාසාගේ පවුලේ ඥාතීන් අද (11) විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැමිණියහ.





