පවතින වැසි හේතුවෙන් දිවයිනේ ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව නොවැම්බර් 8 වැනිදා වාර්තා විය.
රාජාංගණය, අඹේවෙල, අලිකොට ආර, දැදුරු ඔය, බඳගිරිය, උඩවලව, යෝධ වැව, කැනියොන් සහ කුකුළේ ගඟ ජලාශ ඒ අතරට අයත්ය.
ජලාශවලින් ජලය නිකුත් කිරීමේදී පහළ ප්‍රදේශවල ජනතාව අදාළ වාරිමාර්ග කාර්යාල සහ ප්‍රාදේශීය බලධාරීන් නිකුත් කරන දැනුම්දීම් පිළිබඳ අවධානයෙන් සිටිය යුතුය.
හදිසි ආපදා සහාය හෝ තොරතුරු සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 අංකය ඇමතිය හැකිය.





