2026 වසර ආරම්භයේ සිට පසුගිය (20) දා වන විට අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවප්‍රමාණය සියයට 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මහ බැංකුව විසින් නිකුත් කර ඇති සතිපතා ආර්ථික දර්ශක වාර්තාව මඟින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ. පසුගිය නොවැම්බර් 13 වැනිදා නිකුත් කළ සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව එදින වන විට රුපියලේ අවප්‍රමාණය සියයට 6.8ක් ලෙස සටහන් විය.

ඒ අනුව සතියක් ඇතුළත වසර ආරම්භයේ සිට ගණනය කෙරෙන රුපියලේ අවප්‍රමාණ අනුපාතය ප්‍රතිශතාංක 0.1කින් වැඩි වී ඇති බව පෙනේ. ඒ සමඟම වසර ආරම්භයේ සිට පැවති අගයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය හමුවේ රුපියලේ අගය තවදුරටත් දුර්වල වී ඇති බව සඳහන් වේ.