ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් වසර 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.

ඥානසාර හිමිට එරෙහිව නීතිපතිවරයා විසින් පනවා තිබූ නඩුවක අධි චෝදනා දෙකටම වරදකරු කරමින් මෙම තීන්දුව ලබාදී ඇති බවයි වාර්තා වෙන්නේ.

2016 වසරේ කොළඹදී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබුණා.