42 වන ජාතික මීලාද්–උන් නබි රාජ්‍ය මහෝත්සවය සඳහා සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරන ලද්දේ ශ්‍රී ලංකාව සතුව දියුණු රාජ්‍යයක් ගොඩනැගීමට අවශ්‍ය ස්වභාවික සම්පත්, මානව සම්පත්, භූගෝලීය පිහිටීම සහ ශිෂ්ටාචාරමය උරුමය ඇතුළු විශාල සම්පත් ප්‍රමාණයක් පවතින බවය.

එහෙත් දීර්ඝ කාලයක් පුරා සිදුවූ විනාශකාරී ක්‍රියා හේතුවෙන් රටේ ශක්තිමත් අත්තිවාරම දුර්වල වී ඇති බවද, එම අත්තිවාරම යළි ශක්තිමත් කිරීමේ වගකීම රජය භාරගෙන ඇති බවද ඔහු පැවසීය.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ මැලේ ඇතුළු සියලු ජනතාවගේ සමානාත්මතාවය හා අයිතිවාසිකම් මත පදනම්ව ජාතිවාදය සහ ආගමික අන්තවාදය ප්‍රතික්ෂේප කරන ජාතික සමගියක් ගොඩනැගීම එහි ප්‍රධාන අත්තිවාරමක් බවද පළමු පාදමේ පළමු කුළුණ ජාතික සමගිය බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>