රජය ගනු ලබන කිසිදු තීන්දුවකින් හෝ පියවරකින් පොදු ජනතාවට අගතියක් සිදු නොවන බවට තමා සහතික වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරන ලදී.
ඔහු මේ බව සඳහන් කරන ලද්දේ ඊයේ (26) දින පැවැත් වුණු 42 වන ජාතික මීලාද්–උන් නබි රාජ්‍ය මහෝත්සවයට සහභාගී වෙමිනි.
නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විශාල හඬක් ගොඩනැගීමට උත්සාහ කළද, එහි අරමුණ ජනතාවට යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එසේම පාතාල මර්දනයේදී පාතාලයට අගතියක් සිදුවුවද එය පොදු ජනතාවගේ යහපතට හේතුවන බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අගතියක් සිදුවීම පොදු ජනතාවට සුගතියක් වන බවත් ඔහු පැවසීය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන ලද්දේ යුක්තිය කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා අදාළ ආයතන ශක්තිමත් කිරීම, අවශ්‍ය නීති සම්පාදනය සහ යටිතල පහසුකම් හා මානව සම්පත් වැඩිදියුණු කිරීම සඳහා රජය පියවර ගෙන ඇති බවය.
එමෙන්ම, කුමන ආකාරයේ විරෝධතා එල්ල වුවද ජනතාව වෙනුවෙන් ගනු ලබන තීරණ ආපසු නොහරින බවද ඔහු අවධාරණය කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





