වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට හිස් භාණ්ඩාගාරයක් සහ දැඩි ආර්ථික අර්බුදයක් සහිත රටක් භාරගැනීමට සිදුවූ බව අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරන ලදී.
එකළ තෙල් ආනයනයට පවා මුදල් නොතිබූ අතර, වාහන ආනයනය ඇතුළු කටයුතු සීමා වී තිබූ බවත්, වසර ගණනාවක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් සිදු නොවූ බවත්
එම තත්ත්වය තුළ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් ඇතුළු කරුණු සම්බන්ධයෙන්ද ගැටලු පැවති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර රටේ නිවාස ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා පසුගිය වසරේ නිවාස ඉදිකිරීම් ආරම්භ කළ අතර, මෙම වසරේදී රට පුරා නිවාස 5,000ක් ඉදිකිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිවාස 4,500ක් සහ වතුකරයේ නිවාස 6,000ක් ඉදිකිරීමටද සැලසුම් කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම ජල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ ජනතාව අපේක්ෂා කළ දේශපාලන වෙනස්කම් සිදු කිරීම ඇතුළු විශාල වැඩකොටසක් රජය මේ වන විට සිදුකරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





