ජ්‍යෙෂ්ඨ නීතිඥයකු සහ ජාතික ජන බලවේගයේ විධායක සභිකයකු වූ ලාල් විජේනායක මහතා ඔක්තෝබර් 31 සවස අභාවප්‍රාප්ත වී තිබේ.

ප්‍රවීණ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයකු වූ ඔහු, ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයකු ලෙස දශක ගණනාවක් කටයුතු කළේය. පසුව එක්සත් වාමාංශික පෙරමුණ පිහිටුවීම සඳහාද මූලිකත්වය ගත්තේය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ විජේනායක මහතා, පළමු මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙසද සේවය කර තිබේ.