වසර 49කට වැඩි කාලයක් අභ්‍යවකාශයේ ගමන් කරන නාසා ආයතනයේ වොයේජර් 1 යානය මේ නොවැම්බරයේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟාවීමට නියමිතය. ඒ පෘථිවියේ සිට එක් ආලෝක දිනයක දුරකට පැමිණීමයි.

නාසා ගණනය අනුව එම අවස්ථාව නොවැම්බර් 18 වැනිදා උදාවනු ඇත. ආලෝක දිනයක් යනු ආලෝකය පැය 24කදී ගමන් කරන දුරයි. එය කිලෝමීටර් බිලියන 25.9ක් පමණ වේ.

ඒ දුරේදී යානයෙන් එවන රේඩියෝ සංඥාවක් පෘථිවියට පැමිණීමට පැය 24ක් පමණ ගතවේ. පෘථිවියෙන් යවන උපදෙසක් යානයට ලැබීමටත් එතරම් කාලයක් අවශ්‍යය.

1977දී දියත් කළ වොයේජර් 1 පැයට කිලෝමීටර් 61,000කට ආසන්න වේගයකින් ගමන් කරයි. එතරම් වේගයකින් වසර ගණනාවක් ගමන් කළත්, එය ළඟාවන්නේ ආලෝකයට එක් දිනකින් පසුකළ හැකි දුරකටය.

මිනිසා නිර්මාණය කළ වස්තුවක් මෙම දුර සීමාවට ළඟාවන පළමු අවස්ථාව මෙය වනු ඇත.

මූලාශ්‍රය: NASA