නොවැම්බර් 01 වැනිදා සිට දේශීය ආදායම් පනතේ නිශ්චිතව දක්වා ඇති කාර්යයන් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බැංකු හෝ මූල්ය ආයතනවල ගිණුම් විවෘත කිරීම, ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම, මෝටර් රථ ලියාපදිංචි කිරීම හා බලපත්ර අලුත් කිරීම, ඉඩම් හිමිකම් ලියාපදිංචි කිරීම, ව්යාපාර ලියාපදිංචි කිරීම, සමාගම් කොටස් පැවරීම සහ ණය කාඩ්පත් ලබා ගැනීමේදී මෙම සහතිකය ඉදිරිපත් කළ යුතුය.
අදාළ කාර්යයන් සිදු කිරීමට පෙර වලංගු TIN සහතිකයක් ලබාගෙන ඇති බව තහවුරු කර ගැනීම වගකිව යුතු නිලධාරීන්ගේ වගකීමක් බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවමත් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට එය කඩිනමින් ලබාගන්නා ලෙසත්, ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා අයදුම් කරන ලෙසත් මහජනතාවට දැනුම් දී තිබේ.





