ජනාධිපති අනුර කුමාර දිසානායක.
විපක්ෂයේ සිට තරඟ වැදුණු කෙනා සමහරවිට රෑට කොට්ටේ බදාගෙන අඬනවත් ඇති මොකක්ද මේ උනේ කියලා හිතලා. අපේ රටේ දේශපාලන බලය ජාතික වශයෙන් දිස්ත්රික් වශයෙන් පවුල් කීපයක් අතිත් ගොඩනැගිලා තිබුණා.
එක විටක රට පාලනය කිරීමේ සුක්කානම හසුරවනවා තාත්තා, තව විටෙක අම්මා, තව විටෙක දුව. තව කාලයක් අපේ රටේ දේශපාලන බලය හසුරුවනවා මාමා මාමාගෙන් පස්සේ බෑනා. පහුගිය දවස්වල ගෙදර ගියේ අන්න ඒ ගේ. දැන් මොකද්ද කරමින් තිබෙන්නේ ? දැන් යලි වේදිකාවට ඇවිල්ලා තමන්ගෙන් අතින් ගිලිහී ගියපු බලය නැවත කකුල් වෙට්ටු දාලා ගන්න පුළුවන් වෙයි කියලා කල්පනා කරනවා. හැබැයි ඒගොල්ලෝ ඒ කල්පනා කරන, සිහිනය අපේක්ෂාව, මේ රටේ පොදු ජනතාව ඉටු වෙන්න ඉඩ නොදෙන බවට අපිට සහතිකයක් තිබෙනවා.
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>