අද(17) පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරිය පවසා සිටියේ ජනමාධ්‍යවේදීන්ගේ සුබසිද්ධිය උදෙසා වත්මන් ආණ්ඩුව නිරන්තරයෙන්ම කටයුතු කරන බවයි.
ඒ අනුව ජන මාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම්, වෘත්තීය ගරුත්වය සහ අයිතිවාසිකම් කඩ වූ විට ඒ වෙනුවෙන් පෙනී සිටිම සඳහා නිසි ආයතනයක් පිහිටු වීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරිය ඒ සඳහා වරලත් මාධ්‍ය ආයතනයක් පිහිටුවීමටද කටයුතු කරන බව වැඩිදුරටත් සදහන් කරන ලදී.
මෙම ආයතනය පිහිටුවීමෙන් පසු නිසි ගරුත්වයෙන් යුතුව තම වෘත්තිය කටයුතු සිදුකරගෙන යාමට ජනමාධ්‍යවේදීන්ට අවස්ථාව ලැබෙන බවද පැවසූ ඇය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා දීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවද ප්‍රකාශ කළාය..
සම්පුර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube චැනලයෙන් නරඹන්න >>>>>>>>>





