-කේ.ඩී. ලාල්කාන්ත.
ගොවියාගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අපේක්ෂාව වන අතර ඒ සඳහා රජය උපරිමයෙන් කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.
චීනයේ Zhengzhou නගරයේ දූත පිරිසක් ඊයේ (19) දින ගොවිජන මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටි අතර, මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණු බව සඳහන් වේ.
ආපදා තත්ත්වය හේතුවෙන් ගොවියාට සිදුවූ හානිවලදී විශාල වශයෙන් වන්දි ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන අතර එහි අවසාන අරමුණ ගොවියාට පහසුකම් සැලසීම බව කේ.ඩී. ලාල්කාන්ත අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.






