මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්

නව On Arrival වීසා පහසුකම සඳහා VFS පද්ධතිය හඳුන්වාදීම තුළින් මෙරට ජනතාවට කිසිදු අවාසියක් සිදුව නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියා.මෙරට තුළ පැවති ETA පද්ධතිය තුළ නව වීසා පහසුකම් ලබාදීමේ හැකියාවක් නොමැති පසුබිමක, නව VFS පද්ධතිය සඳහා අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ක්‍රියාත්මක කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

“ආගමන විගමන එකෙන් පුද්ගලික අංශයකට දෙන්න කලින් කීයක්වත් අය කරලා නෑ. වියදම් වන ගණන් ඔක්කොම අපේ අතින් ගෙවලා තියෙන්නේ. කිසි දෙයක් කරගන්න බැරි එකක් දුවන්න අපි මිලියන එකහමාරක්, දෙකත් අතර මාසෙකට ගෙවලා තියෙනවා ආගමන හා විගමන එකෙන්.

ටෙන්ඩර් කැඳවන්න දෙයක් නැහැ මේ වගේ එකකට. මේකට ටෙන්ඩර් කැඳවලා කවුද ටෙන්ඩර් කරන්නේ? කැබිනට් එකෙන් අනුමත කරලා තිබ්බා අවුරුදු හතරකට ඉස්සෙල්ලා මේ දේ කරන්න. නමුත් අවුරුදු හතරක් ගිහිල්ලාත් කරගන්න බැරිවෙලා තියෙනවා.”

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>