මාධ්‍ය අවකාශයන් හි අවශ්‍ය පරිදි ආණ්ඩුව විවේචනය කළ හැකි වුවත්, සමහර නාළිකා හා සමාජ මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් විසින් විකෘති සහ ව්‍යාජ පුවත් නිර්මාණය කරමින් සිටින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
කිසිදු ආකාරයකින් මාධ්‍ය මර්ධනයක් සිදු නොකරන අතර ආණ්ඩුව විවේචනය කිරිමට හා අඩුපාඩු පෙන්වාදීමට මාධ්‍යයට හැකියාව පැවතියද, විකෘති තොරතුරු හා බොරු තොරතුරු ප්‍රචාරය කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස ක්‍රියා කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.
කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා නිලධාරීන් සදහා ලැප්ටොප් පරිගණක ලබාදීමේ අවස්ථාවට එක්වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත කරුණු දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

