ඊයේ (20) දින පාර්ලිමේන්තු සැසි වාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජනපදය සමඟ ඇති ආරක්ෂා ගිවිසුම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරන ලදී.

එතුමා ප්‍රකාශ කරන ලද්දේ රටේ සුරක්ෂිතතාවය හා ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති අවබෝධතා ගිවිසුම් කිසිසේත්ම යුද්ධයකදී ශ්‍රී ලංකාවට සෘජු බැඳීමක් සපයනු නොලබන බවයි.

ඒ අනුව එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට විශාල පහසුකම් සහ පුහුණු වීම් ලබා දී ඇති අතර, මානුෂීය ආධාර සහ ආපදා හදිසි ප්‍රතිචාරය සඳහා ගුවන්යානා දෙකක් ද ලබා දී තිබෙන බවද ජනපති පැහැදිලි කරන ලදී.

එමගින්, යුද්ධයකදී ශ්‍රී ලංකාවට සෘජු සම්බන්ධතාවයක් ඇති බව පවසමින් සමාජ මතයක් ගොඩනගන උත්සාහයන් අසත්‍ය බවද නාවික යාත්‍රා සහ ගුවන්යාන ඉල්ලීම් මතු වුවද, ශ්‍රී ලංකාව තම ජාත්‍යන්තර ප්‍රතිපත්තිය රැකගෙන කටයුතු කරන බවයි.

එක්සත් ජනපදය සමඟ ඇති අවබෝධතා ගිවිසුම මගින් රටේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීමේ අරමුණ පමණක් ඉටු කරන බවත්, ඒවා කිසිසේත්ම යුද්ධයකට සෘජු බැඳීමක් නොවන බවත් ජනපති වැඩිදුරටත් සඳහන් කරන ලදී.

සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>