ටිල්වින් සිල්වා

අපේ විරෝධය තිබ්බේ උමා ඔය ව්‍යාපෘති එපා කියලා නෙමෙයි. මේ ව්‍යාපෘතිය කරපු විදිහ සහ ඒකෙන් වෙච්ච පරිසර හානිය ගැන තමයි අපි කතා කරේ. මේක පටන් ගන්නකොටම පරිසර අධ්‍යයන වාර්තාවක් තිබුන් නැතුව පටන් ගත්තේ.

දැන් මේක විවෘත කරන එකයි, කලින් කරනාවයි දෙක පටලන්න බෑ. ඒ අපි ඉදිරිපත් කරපු විවේචනය ඇත්ත එකක්. ඒ අනතුරු තාමත් තියෙනවා. හෙට දවසෙත් ඒ අනතුර නැතිවෙන්නේ නෑ.

අපි කියන්නේ ව්‍යාපෘති ඕනා, විදුලි බලය දෙන්න ඕන. හැබැයි ඒවා කරන්න ඕනේ පරිසරය විනාශ කරගෙන, මිනිස්සුන්ගේ ජීවන තත්වයන් වට්ටගෙන නෙවෙයි. ඒවට යන වියදම වගේ තුන්, හතර ගුණයක් වියදම් කරලා, සල්ලි නාස්ති කරගෙන නෙමෙයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>