නේපාලයේදි අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිව දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් අවසර ලබා දී තිබෙනවා.
සෙව්වන්දිගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදි ඇය භාවිතා කල ජංගම දුරකතනය ගම්පහ ප්‍රදේශයේ වළ දමා තිබියදි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබෙනවා.