ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් කිසියම් පිරවුම්හලක ගැටලුවක් පවතින්නේ නම් එම ස්ථානය පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙස කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
අද (01) පැවති රජයේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කරන ලද්දේ, ඉන්ධන කේත ක්‍රමය ක්‍රියාත්මක කර මාස හයක් පමණ ගතවී ඇති අතර, එහි ආරම්භක අවස්ථාවේදී ඇතැම් යන්ත්‍ර සඳහා ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් මතුවූ ගැටලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විසඳීමට කටයුතු කළ බවය.
තණකොළ කපන යන්ත්‍ර වැනි උපකරණ භාවිත කරන පුද්ගලයන්ට ඉන්ධන ලබාගැනීමේදී පිරවුම්හල් අනුව වෙනස් ක්‍රියාපටිපාටි අනුගමනය වන බවට ලැබෙන පැමිණිලි පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කළේය.
ඉන්ධන සැපයීමේදී පවතින ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක වන අතර, යම් ස්ථානයකදී එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා අවශ්‍ය පියවර ගැනීමට හැකි බවද ඔහු පැවසීය.
ඉන්ධන පරිභෝජනය සහ විදේශ විනිමය පිටතට ගලායාම කළමනාකරණය කිරීම සඳහා මෙම ක්‍රමවේදය පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්පූර්ණ ප්‍රකාශය අපගේ ‘webnews’ youtube නාලිකාවෙන් නරඹන්න. >>>>>>>>>





