ඊයේ (09) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි පහත සදහන් ඉන්ධන වර්ග වල සිල්ලර මිල ගණන් සංශෝධනය වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

ඒ අනුව රු.281ක් වූ ලංකා සුදු ඩීසල් මිල රු. 303ක් දක්වාද , රු. 329ක් වූ ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 රු. 353 ක් දක්වාද, ලංකා භූමිතෙල් මිල් රු. 182 සිට රු.195 දක්වාද, රු. 340ක්ව තිබූ ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 රු. 365 දක්වාද, රු.293 ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් රු. 317 ක් දක්වාද ඉහළ යන ලදී.

අදාළ නිවේදනය පහතින් දක්වා ඇත.