“දිට්වා” සුළි කුණාටුවෙන් සිදුවූ අලාභ හානි තක්සේරු කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පවසනවා.

ඒ අනුව, ලෝක බැංකුව හරහා අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද සති දෙකක් තුළ මූලික වාර්තාව ලබා ගැනීමට අපේක්ෂා කරන බවද මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.