ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (05) පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළා.
ඒ අනුව, ආපදාවෙන් හානියට පත්, පදිංචිවීමට නොහැකි නිවාස සඳහා නව නිවසක් ඉදි කරගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
එසේම, අදාළ පුද්ගලයාගේ ඉඩම ආපදාවට ලක්ව ඇති නම්, රජයෙන් ඉඩමක් ලබාදෙන බවත්, එලෙස රජයේ ඉඩම් නොමැති ප්රදේශවලට නිවාස ඉදි කිරීමට ලක්ෂ 100 ක මුදලක් ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.
අර්ධ වශයෙන් හානියට පත් නිවාස සඳහා උපරිමය රුපියල් ලක්ෂ 25 ක් දක්වා ලබාදෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් ප්රකාශ කර සිටියා.





