ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආණ්ඩුව මෙතෙක් ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවලට විරුද්ධව ඡන්දය භාවිතා කළද, ආපදා තත්ත්වයෙන් බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුවට සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසනවා.
එසේම 2026 අයවැය සඳහාද විරුද්ධව ඡන්දය භාවිතා නොකිරීමට තීරණය කළ බව අද (05) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.






