ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත් කරනු ලැබීය.
ඒ අනුව අනුර කරුණාතිලක මහතා අද (20) දින ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලැබීය.
ඒ අනුව බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගි විය.





