පා. ම. පාඨලී චම්පික රණවක

විවාදයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව යටතේ අතිශය වැදගත්. ඒකට නායකයෝ දෙන්නද කලින් විවාද කරන්නේ, ආර්ථික කණ්ඩායමද කිය කිය මේක කල් දමන්නේ නැතුව, මේක කරන එක රටට හරි වැදගත්.

අපි ඉදිරිපත් කළා දේශය වෙනුවෙන් එක්වන පියවරක් කියලා වැඩපිළිවෙලක්. ඕන තැනක ඕනම ආර්ථික කණ්ඩායමක් එක්ක, එහෙම නැත්නම් ඔය ඕනම නායකයෙක් එක්ක විවාදයක් නෙමෙයි, සංවාදයකට අපි ලෑස්තියි.

අපිට නම් එහෙම කිසිම බියක් නැහැ මේ සම්බන්ධයෙන්. අපි ඉදිරිපත් කරලා තියෙන කරුණු පිළිබඳ සීයට දෙසීයක් අපිට විශ්වාසයි. ඒ නිසා අපිට කිසි පැකිලීමක් නැහැ.