අබේරත්න බණ්ඩාර

අපි දන්නවා මේ රටේ දෙලක්ෂ පනස් හත්දාහක් පමණ වන ගුරු විදුහල්පතිවරුන් අවමානයට ලක් කරමින් පහුගිය අප්‍රේල් 18 වෙනිදා අධ්‍යාපන අමාත්‍යංශයේ වාසනා ගුණරත්න නැමැති අතිරේක ලේකම්වරියක් විසින් ලියවිල්ලක් නිකුත් කරනවා, ගුරු විදුහල්පති සේවාවන්වල වැටුප් විෂමතාවයක් නිරීක්ෂණය වෙන්නේ නෑ කියලා.

වරින් වර විපක්ෂ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අධ්‍යාපන ඇමතිතුමා හමුවෙලා මේ ගැන සාකච්ඡා කරා. ඒ වගේම පාර්ලිමේන්තුවේ අහනකොට මේ විෂමතාවය පිලිගන්නවා. මේවට ධනාත්මකව උත්තර දෙද්දී කොහොමද අමාත්‍යංශ නිලධාරීන් මෙහෙම හැසිරෙන්නේ?

ඔවුන් අධ්‍යාපන ඇමතිතුමා කියන දේ පිළිගන්නේ නැතුව, වෙනත් හස්තයකින් ක්‍රියාත්මක වෙනවද? එහෙම නැත්නම් අධ්‍යාපන ඇමතිතුමා, රෑ ඩැනියෙල් දවල් මිගෙල් න්‍යායක්‍රියාත්මක කරනවද කියලා අහන්න සිද්ධ වෙනවා.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>